සියලුම වනෝද්‍යානවල වනජීවී නිලධාරීන් ඇතුළු සියලුම කාර්යමණ්ඩලය වෙත නව හැඳුනුම්පතක් සහ නිල ඇඳුමක් හඳුන්වාදීමට වනජීවී අමාත්‍යාංශය තීරණය කර තිබේ. නිලධාරීන්ගේ විනය ආරක්ෂා කිරීමටත්, සංචාරකයන් වෙත තොරතුරු ලබාගැනීමේ පහසුව උදෙසාත් මෙම තීරණය ක්‍රියාවට නංවන බව තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා පැවසීය.
අදාළ නිල ඇඳුම් සහ හැඳුනුම්පත් ලබාදීම මෙම මාසයේ අවසන් කරන අතර, දෙසැම්බර් මාසයේ සිට නිල ඇඳුම් හා හැඳුනුම්පත් පැලඳීම අනිවාර්ය බවද අමාත්‍යාංශය දැනුම්දී තිබේ. දිවයින පුරා වනෝද්‍යාන තුළ නිලධාරීන් ඇතුළු කාර්යමණ්ඩලය 500ට ආසන්න සංඛ්‍යාවක් සේවය කරයි.