දේශීය අමුද්‍රව්‍ය හා මල් පැළ යොදාගනිමින් එළිමහනේ ක්‍රියාත්මක වන ඔරලෝසුවක් නිර්මාණය කිරීමට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය සමත් වී ඇත.
හිටපු වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනාරල් බොනිපස් පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ සෙබළුන් මෙම ඔරලෝසුව නිර්මාණය කර ඇත.
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ නව නිලධාරී නිවස්නයේ පෝටිකෝව ඉදිරිපිට මෙම ඔරලෝසුව නිර්මාණය කර ඇත.
ඔරලෝසුවේ කටු ධාවනය වන්නේ විදුලිය උපයෝගී කරගෙන වන අතර, විදුලිය විසන්ධි වුවද නැවත විදුලිය ලැබුණු විගස පරිගණක ආධාරයෙන් නිවැරදි වෙලාවට කටු ගමන් කරයි.