කාන්තාවන් වන්ද්‍යාකරණයට පත්කිරීම සඳහා විවිධ පෙතිවර්ග ලබාදීම පිළිබඳ හා විවිධ ටොෆි වර්ග ලබාදීම පිළිබඳ වන චෝදනා පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්නැයි ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකා පොලීසිය හා සෞඛ්‍ය අංශ යොදාගනිමින් මෙම පරීක්ෂණය කරන ලෙසත්, හෝටල්වලින් ලබාදෙන ආහාරවලට විවිධ පෙති වර්ග මිශ්‍ර කිරීම හරහා කාන්තාවන් වද්යාකරණයකට පත්කළ හැකි දැයි යන්න පිළිබඳ පරීක්ෂණ කිරීම සඳහා වෛද්‍යවරුන්ගේ යුත් කණ්ඩායමක් පත්කරන ලෙසත් එම සංවිධානය අග්‍රාමාත්‍යවරයාට ඊයේ (28දා) යොමුකළ ලිපියක දැක්වෙයි.
මේ පිළිබඳ මුස්ලිම් කවුන්සිලය වෛද්‍යවරුන්ගෙන් විමසා සිටි බවත්, අඛණ්ඩව අදාළ ඖෂධ දිගුකාලීනව භාවිත කිරීමකින් තොරව එසේ කාන්තාවන් වද්යාකරණයකට ලක්කළ නොහැකි බවට ඔවුන් පැවැසූ බවත් එම නිවේදනයේ දැක්වෙයි.
එසේම මෙවැනි ප්‍රවෘත්ත සමාජමාධ්‍ය හරහා පළ කරන පුද්ගයන් අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට ගෙන එන ලෙසද ඔවුහු අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිති.