වනයේ සිටි අලි පැටවෙකු කිරුළපන ඇලන් මැතිනියාරාම පන්සලට පැමිණයේ කෙසේදැයි හෙළි කරගැනීම සඳහා උඩුවේ ධම්මාලෝක හිමියන්ගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලබාගත් බව වනජීවී දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ සිද්ධියට අදාළව කරන ලද පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව කරුණු ඉදිරිපත් කරමින් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මේ බව කියා සිටියහ.
වනජීවී දෙපාර්තුමේන්තුවට ලැබුණු තොරතුරකට අනුව කරන ලද වැටලීමකදී කිරුලපන ඇලන් මැතිනියාරාම පන්සලේ සිටියදී අලි පැටවෙකු මීට ටික කලකට පෙර අල්ලාගන්නා ලද අතර අධිකරණ නියෝග මත එම අලි පැටවා පින්නවල අලි අනාථාගාරයේ මේ වනවිට රඳවනු ලැබ ඇත.
පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටින එම අලි පැටවා ව්‍යාජ ලෙස ලියාපදිංචි කර ඇත්ද යන්න පිළිබඳව සැක මතුව ඇති හෙයින් ඒ පිළිබඳ පරීක්ෂණසිදු කරන බව වනජීවී දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.