වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ලිපිලේඛන ආරක්ෂා කිරීම සඳහා ස්වාධීන නිලධාරී කණ්ඩායමකින් යුතු විශේෂ විමර්ශන කමිටුවක් පත්කරන බව සංචාරක හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවසීය.
දැනට තිබෙන ලේඛනවල සාවද්‍යතාව, අසත්‍ය කරුණු ඇතුළත්වීම සහ සත්‍ය තොරතුරු වෙනස් කිරීම යන චෝදනා එල්ල වී තිබෙන බැවින් පෙරේදා (04දා) දිනයේදී දෙපාර්තමේන්තුව සතු ලේඛන ගබඩාවලට මුද්‍රාතැබූ බවත්, අද (06දා) යළි ඒවා විවෘත කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.