වනජීවීන් හා මිනිසුන් අතර ගැටුම් පිළිබඳ යම් සිදුවීමක් වාර්තා වූ සැණින් අදාළ ස්ථාන වෙත ගොස් අවශ්‍ය කඩිනම් පියවර ගැනීම සඳහා වනජීවී කලාප ආවරණය වන පරිදි, වනජීවී පාලන ඒකක ස්ථාපිත කිරීමට කටයුතු කරනබව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.
තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ යෝජනාවකට අනුව මෙය ඉදිරිපත්කර ඇති අතර, අලි – මිනිස් ගැටුම හේතුවෙන් මිනිස් ජීවිත 50කට අධික සංඛ්‍යාවක් සහ වනඅලි 200කට අධික සංඛ්‍යාවක් වාර්ෂිකව ශ්‍රී ලංකාවට අහිමි වන බව වාර්තාවේ.
අලින්ට අමතරව දිවියන්, කිඹුලන්, වඳුරන් වැනි වෙනත් සතුන්ද මිනිසුන් සමග ගැටුම් ඇති කරගැනීමේ ප්‍රවණතාවක් වර්ධනය වෙමින් පවතන බවත්, මෙම තත්ත්වය පාලනය කිරීමෙහිලා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැලැසුම් දියත් කෙරෙමින් පවතින බවත් අමාත්‍යාංශය පැවසීය.