වන අලි - මිනිස් ගැටුම අවම කිරීමේ මෙන්ම වන සතුන්ගෙන් වන හානී අවම කිරීහේ කෙටිකාලීන පියවරක් වශයෙන් වනජීවීන් හා මිනිසුන් අතර ගැටුම් පිළිබඳ යම් සිදුවීමක් වාර්තා වූ සැණින් අදාළ ස්ථාන වෙත ගොස් අවශ්‍ය කඩිනම් පියවර ගැනීම සඳහා එවැනි ගැටුම් බහුලව වාර්තා වන වනජීවී කලාප ආවරණය වන පරිදි 'වනජීවී පාලන ඒකක' ස්ථාපිත කිරීමට තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය තීරණය කර තිබේ.
වන අලි - මිනිස් ගැටුම අවම කිරීම සඳහා දිගුකාලීන හා මධ්‍යකාලීන පියවර රැසක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති නමුත් එම සැලසුම් ක්‍රියාත්මක කර ප්‍රතිඵල ළඟා කරගැනීම සඳහා සැලකිය යුතු කාලයක් ගත වන බැවින් එම කාල සීමාව තුළ වන අලින්ගෙන් සිදු විය හැකි හානි අවම කරගැනීමේ අරමුණින් මෙය ක්‍රියාත්මකවේ.
මේසඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර, නියමු ව්‍යාපෘතියක් වශයෙන් වනජීවී පාලන ඒකක 05ක් කඩිනමින් ස්ථාපිත කිරීමටත්, ඒවායේ ප්‍රගතිය මාස 06කින් විමසා බලා ඉතිරි ඒකක පිහිටුවීම පිළිබඳව ඉදිරි කටයුතු සිදු කිරීමටත් නියමිතය.