තමාට හිමිවූ නව අමාත්‍යාංශය වගකීම්වලින් පිරුණු ස්ථානයක් බවත් තමාට අයත් වනජීවී විෂය හරහා වනජීවීන්ටද සාධාරණය ඉටුකිරීමට කටයුතු කරන බව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ගම්පහ ප්‍රදේශයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
තම නියෝජ්‍ය අමාත්‍යවරයා වූ පාලිත තේපරප්පෙරුම මහතා සමග තමාට හොඳ සබඳතාවක් ඇති බවත් ඔහු තමන් සමග සිර බත් කෑ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.