ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන වනරෝපා ජාතික රුක්රෝපණ වැඩසටහන 2016 ඔක්තෝබර් මාසයේදී දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරේ.
එහි ප්‍රධාන උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන 21 වැනිදා පෙ.ව. 9.00 ට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේදී පැවැත්වෙන අතර, ඒ හා සමගාමීව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වේ.