අත්තනකඩවල, පොකුණගල ගම්මානයට අද (25දා) උදෑසන වනඅලි 02 කු කඩා වැදීම හේතුවෙන් පොකුණගල විදුහල වසා තැබීමට සිදුවී ඇතැයි එහි විදුහල්පති පවසයි.
වනඅලි දෙදෙනා පොකුණගල ගම්මානයේ සැරිසරමින් පොකුණගල විදුහල අසල කැලෑවක සැඟවී සිටියදී බකමුණ පොලීසිය නිලධාරීන් සහ වනජීවි නිලධාරීන්ගේ උපදෙස් අනුව ශබ්ද විකාශන යන්ත්ර ආධාරයෙන් ගම්වාසීන් දැනුවත් කර දරුවන් පාසල් එම වැළැක්වීය.