වධකයන්ගේ කූඨ උපක්රමවලට හසුනොවී පන්ති වර්ජන අවසන් කර අධ්‍යාපන කටයුතු වලට සහභාගී වන් ලෙස උසස් අධ්‍යාපන හා මහමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විශ්ව විද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා සිටියේය.
හෝමාගම - දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ නව ගොඩනැගිල්ලේ අවසන් අදියරේ ඉදිකිරීම් පිළිබඳව සොයාබැලීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි අමාත්‍යවරයා අද(06දා) මේම අදහස් පලකළේය.
සයිටම් විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් අද රටේ විශාල ප්‍රශ්ණයක් ඇති කර ගෙන තිබෙනවා. සයිටම් විශ්ව විද්‍යාලය ආරම්භ කලේ අපේ රජය නොවෙයි. සයිටම් විශ්ව විද්‍යාලය ආරම්භ කලේ පසුගිය රජයයි. නමුත් අපේ රජය කාලයේ තමයි සයිටම් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන පලමු කණ්ඩායම අවසන් විභාගය සමත් වුනේ. අද අධිකරණය තීන්දුවක් ලබා දී තිබෙනවා, සයිටම් විශ්ව විද්‍යාලය පිලිගන්න කියලා.පසුගිය රජය කාලයේ පෙළපාලි ගියේ අධිකරණ තීන්දුව පිළිගන්න කියලා. අද පෙළපාලි යන්නේ අධිකරණ තීන්දුව එපා කියලා. රජයට අධිකරණ තීන්දු වෙනස් කරන්න බැහැ. සයිටම් විශ්ව විද්‍යාලය පටන් ගන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මිලියන 600 ක් ලබා දුන්නා. එදා කවුරුත් සයිටම් විශ්ව විද්‍යාලයට විරුද්ධ වුනේ නැහැ. එදා විරුද්ධ වුනා නම් සුදු වෑන් එකේ යන්න වෙනවට බයේ.