අපක්ෂපාතී ලෙස රාජකාරි කිරීමට හැකි පරිසරයක් තුළ නැවත ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්වන බව පවසමින් සියධුරයෙන් හා පොලිස් සේවයෙන් ඉල්ලා අස් වූ වදුරඹ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක පී.එල්. කීර්තිසිංහ මහතා අද (25දා) පෙරවරුවේ නැවත වැඩ භාරගත්තේය.
පසුගිය ජනාධිපතිවරණ සමයේ වදුරඹ ප්රදේශයේප්රධානත්වයෙන් සංවිධානය කර තිබූ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජන හමුවක වේදිකාවක් ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා විසින් පැහැරගෙන යාමත් සමග ඇතිවූ ආන්දෝලනාත්මක තත්ත්වයත් සමග වදුරඹ පොලිස් ස්ථානාධිපති කීර්තිසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
සිය ඉල්ලා අස්වීමෙන් පසුව බලපෑම්වලින් තොරව අපක්ෂපාතීව රාජකාරි කළ හැකි යුගයක් උදාවුවහොත් නැවත සේවයට පැමිණෙන බවද ඔහු මාධ්‍ය හමුවේ පවසා සිටියේය.
රවීන්ද්‍ර ශ්‍රී ලාල් / ජිනේෂ් නානායක්කාර