වතුකරයේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා එම පාසල්වලට ගුරුවරුන් 3000ක් ගැසට් නිවේදනයක් මගින් අන්තර්ග්‍රහණය කරගැනීමට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම අන්තර්ග්‍රහණ කටයුතු සිදුකිරීමට නියමිතය.
ගැසට් නිවේදනය නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මේ මස 28 වැනිදා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මේ ආකාරයට අන්තර්ග්‍රහණය කරන ගුරුවරුන්ට විශේෂ සහන ලබාදීමටද නියමිතය.