තලවාකැලේ, ආගරපතන, ඩයගම දෙවැනි කොටසේ වතු නිවාස පේළියක ඊයේ (10දා) පස්වරුවේ ඇති වූ ගින්නක් හේතුවෙන් නිවාස 22 ක් සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී තිබේ.
ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදු වී නොමැති අතර, එම වතු නිවාසවල පදිංචි වතු කම්කරුවන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය සියල්ලම සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. ගින්නෙන් අවතැන් වූ පවුල්වලට අයත් 85 දෙනෙකු තාවකාලිකව එම වතුයායේ කෝවිලේ රඳවා තිබේ.