මැතිවරණ සමයේදී වතුකරයේ ජනතාවට ලබාදුන් පොරොන්දුවක් වූ පර්චස් 07ක ඉඩමක් සමග නිවාසයක් ලබාදීමේ පොරොන්දුව අනුව දින 100 අවසන්වීමට පෙර නිවාස 500ක් ජනතා අයිතියට පවරන බව වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය පී. දිගම්බරම් මහතා සඳහන් කළේය.
ඊයේ (18දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ,
මීරියබැද්ද ප්‍ර‘දේශය නායයාම නිසා අවතැන් වූ ජනතාවට නිවාස ඉදිකිරීම ආරම්භ වන මාර්තු පළමුවැනිදා සිට මෙම නිවාස 500 ඉදිකිරීම ආරම්භ කරන බවය.
ලබාදුන් පොරොන්දුවට අනුව වතු ජනතාවට පර්චස් 07ක ඉඩමක් සමග නිවසක් ලබාදීමේ පොරොන්දුව යටතේ මුලින් නිවාස 50,000 ක් සකස් කිරීමට සැලසුම් කර තිබෙන බවත්, ඒ සඳහා සුදුසු ඉඩම් මේ වනවිට හඳුනාගෙන තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.