වතුකාර්යමණ්ඩල වැටුප් හා සේවා කොන්දේසි ඇතුළත් නව සාමූහික ගිවිසුම සඳහා ලංකා සේව්‍ය සම්මේලනය එකඟ නොවීම හේතුවෙන් සමස්ත වතුකාර්යමණ්ඩල සේවකයන් අඛණ්ඩ වර්ජනයක් දියත් කිරීමට සූදානම් බව ලංකා වතු සේවා සංගමය පවසයි.
ඒ අනුව අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයට පෙර දිවයිනේ ප්‍රධාන නගරවල විරෝධතා පැවැත්වීමට කටයුතු කරන අතර, එම විරෝධතා ලබන 25 වැනිදා ගාල්ලෙන් අවසන් කර,එළඹෙන 28 වැනිදා සිට අඛණ්ඩ වර්ජනයක් සිදුකිරීමට කටයුතු කරන බව එම සංගමය සඳහන් කරයි.
ඒ අනුව මාර්තු 12 හැටන් නගරයේත්‚මාර්තු 15 මතුගමත්‚ මාර්තු 19 බදුල්ල‚ මහනුවර‚ රත්නපුර නගරවලදිත්‚ 22 දෙනියාය නගරය හා මාර්තු 25 ගාල්ල නගරවලත් විරෝධතා දැක්වීමට සූදානම් බවද එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.