දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක, ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේසන් මහතා ඇතුළු එම සන්ධානයේ නියෝජිතයින්,ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් එස්.ජයශංකර් මහතා අද (20දා) හමු විය. ඒ, කොළඹ පිහිටි ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේදීය. මෙම අවස්ථාවට කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගම්බරන් මහතා සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රාධා ක්‍රිෂ්ණන් මහතාද එක්ව සිටියහ. මෙහිදී ඉන්දීය සම්භවයක් ඇති මෙරට ජීවත්වන වතු කම්කරු ජනතාව සම්බන්ධයෙන් පවතින නිවාස ගැටලුව පිලිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා වි ඇති අතර එමෙන්ම මෙහිදී ශ්‍රී ලංකාවේ වෙසෙන සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව ඇතුළු සුළු ජන කොටස් ශ්‍රී ලංකික හැගීමෙන් යුතුව උතුරු - නැගෙනහිර දෙමළ ජනතාව සමග ශ්‍රී ලංකික අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීම පිළිබඳවත් ඉන්දීය විදේශ ලේකම්වරයා සිය ප්‍රසාදය පල කර තිබේ.