මාතලේ දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඒඩ්ස් රෝගය පැතිරයාමේ අවධානමක් උද්ගතව ඇතැයි එක්සත් ලංකා කම්කරු සංගමයේ ලේකම් වේලායුදන් වීරසිංහම් මහතා පැවසීය.
වතු ආශ්රිත කාන්තාවන් විදේශගත වීම හේතුවෙන් ඔවුන් හරහා වතු ආශ්‍රිතව මේ වනවිට ඒඩ්ස් රෝගය පැතිරීමට හේතුවක් වී ඇති බව ඒ මහතා සඳහන් කළේය.
'සෞඛ්‍යසම්පන්න ජනතාවක් බිහිකිරීම සඳහා වතු කම්කරුවන්ගේ දායකත්වය කෙසේ විය යුතුද?' යන්න මැයෙන් පසුගියදා (04දා) එක්සත් ලංකා කම්කරු සංගමය නාඋල නාලන්ද වතුයායේ පැවැත්වූ රැස්වීමකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.
නාඋල - ඉන්දික රුවන් කුමාර