අද පවතින වමේ දේශපාලනය සම්බන්ධව තමන්ට කලකිරීමක් ඇතැයි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උපසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා අද (18දා) පැවසීය.
තමා කිසිවෙකුට ඇඟිල්ල දිගු නොකරන බව පැවසූ මන්ත්‍රීවරයා වමේ දේශපාලන පක්ෂ ස්වාධීනව සිටිමින් ජනතාව ඉල්ලා සිටින දේ ලබා දිය යුතු බව කියා සිටියේය.
බොරැල්ල ඇන් ඇම්.පෙරේරා කේන්ද්‍රයේ පැවති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රශ්න වෙනස් කළ හැකි, ජාතික වශයෙන් ක්‍රියාත්මක, නූතන තාක්ෂණය හා දැනුමින් යුතු නව දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීමට වම විසින් කටයුතු කළ යුතු බවයි.