ශ්‍රී ලංකවේ දීර්ඝ ඉතිහාසය පුරා රටට ද්‍රෝහී පිරිස් සිටියත් වත්මන් පලකයන් තරම් වාඩිත් උනන්දුවෙන් හා කැපවිමෙන් පාවාදීම් කරන පිරිසක් ශ්‍රී ලංකාවේ නොසිටි බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
වත්මන් ආණ්ඩුව විසින් 2002 අංක 25 දරණ සාපරාධී කාරණා වලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත පිළිබඳව නිවේදනක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
‘රණවිරුවන් විදෙස් බලවතුන්ට පාවාදීමේ යාන්ත්‍රනය සැකසීම’ යන මාතෘකාව යටතේ හිටපු ජනපතිවරයා මෙම නිවේදනය අද (17දා) නිකුත් කළේය.