හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මහත්මිය හීනෙන් ඇහැරිලා වගේ තමන් ජනාධිපති යැයි සිතා කටයුතු කරන බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙසක් පෝය දෙකකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය පාවිච්චි කිරීමට යන අතර, රාජපක්ෂ මහතා නීතිඥයෙකු වුවද ව්‍යවස්ථාව නිවැරදිව කියාව නොමැති අතර, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් ජනාධිපති කියා අමතකවී ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මහාමාර්ග රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, බදුල්ල රිවර්සයිඩ් හෝටලයේදී පැවැති හාලිඇල මැතිවරණ කොට්ඨාසයේ අධ්‍යාපන අනධ්‍යයන කාර්යමණඩල හමුවකදීය.
"අපි සම්මුතිවාදී ආණ්ඩුවට ආවේ සම්මුතියකට අනුව ආණ්ඩු කරන්න මිසක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය නවත්වන්න නෙවෙයි. සම්මුතිවාදී ආණ්ඩුවට එනකොට කවුරුත් කිවුවේ නැහැනේ හොරකම් කරන්න පුළුවන් කියලා. හොරකම් කරන්නෙ නැහැ කියලා ආවේ. මහබැංකු බැඳුම්කරය දැන් බැලුවම හොරකමක් නෙවෙයි කම්බ හොරකමක්.
මුළු රටේම ඡන්ද ගත්ත ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපති දැන් එතුමාට අමතක වේගෙන යනවා මා තමයි ජනාධිපති කියලා. ඉතින් ඒ නිසා අගමැතිතුමාට එක වෙලාවකට හිතෙනවා එයා විපක්ෂනායක කියලා. එක වෙලාවක එතුමාට හිතෙනවා එතුමා ජනාධිපති කියලා. එතුමාට අමතකයි එතුමා අගමැති විතරයි කියලා.
මෛත්‍රිපාල මහත්තයාටත් අමතකයි එතුමා දැන් ජනාධිපති කියලා. එතකොට අපි දැන් එතුමාට කිවුවා ඔයා දැන් ජනාධිපති. ඔයා ඒක දැන් පාවිච්චි කරන්න කියලා අරගොල්ලන්ට අමතක වෙලා තියෙනවා හිටපු අයට අමතකයි එයාලා හිටපු කියලා. ඒ නිසා කරුණාකරලා ඔබතුමා තමයි ජනාධිපති කියන මතක් කරගෙන ඇක්සන් ගන්න කියලයි කියන්නේ"