වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති ත්‍යාගරත්න ද අල්විස් මහතා ප්රමුඛ සන්ධාන මන්ත්‍රීවරුන්ට සභා ගර්භය තුළදී පහරදීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ යට ගැසීමේ සූදානමක් පවතින බවට බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්නරණතුංග මහතා පැවසීය.
මහජන සාමය හා ආපදා කළමනාකරණ අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ආධාරකරුවන් පිරිසක් මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ බැවින් පරීක්ෂණ අතරමග නැවැත්වීමේ සූදානමක් තිබෙන බව මහ ඇමතිවරයා පෙන්වා දෙයි.
මෙම සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබීමෙන් මෙම තත්ත්වය වඩාත් පැහැදිලි වන බවපවසන ප්‍රසන්න රණතුංග මහතා කඩිනමින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තුවාල ලැබූ හා පහරකෑමට ලක්වූ අයට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි.