නාවලපිටිය සිට හැටන් දක්වා ඉන්ධන ප්රවාහනය කළ දුම්රියක් පීලිපැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු අද (05දා) අලුයම සිට තාවකාලිකව ඇන හිට තිබෙනවා. අද අලුයම 2.30 පමණ මෙම දුම්රිය පීලිපැන ඇත්තේ වටවල දුම්රිය ස්ථානය අසලදීය.
ඩීසල් ලීටර එකළොස්දහස් හාරසියයක් ප්රවාහනය කළ ඉන්ධන ටැංකි දෙකක් මෙසේ පීලි පැනීමට ලක්වී ඇත. පීලි පැනීමෙන් දුම්රිය මාර්ගයටද හානි සිදුවී ඇති අතර පීලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භකර තිබෙනවා. උඩරට මැණිකේ දුම්රිය ධාවන කටයුතු වලට බාධවක් නොවන සේ කඩිනමින් දුම්රිය පීලිගත කිරීමේ කටයුතු අවසන් කරන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසනවා.