වටරැක විජිත හිමියන් සිදුකරන්නේ රඟපෑමක් බව මුලසිටම බොදුබල සේනා සංවිධානය රටට පැවසූ බවත්, තවත් එවැනි පුහුණු කළ භික්ෂූන් වහන්සේලා හතලිස් නමක් පමණ ඉදිරියේදී සමාජය ඉදිරියේදී පෙනී සිටීමට ඉඩ ඇති බවත්, පූජ්‍ය ගගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
මේ පිළිබඳව ආරක්ෂක අංශ අවධානයෙන් සිටිය යුතු බව කී උන්වහන්සේ මීට පෙර වටරැක හිමියන්ට ආරක්ෂාව සපයාදීමෙන් රජය සිදුකළේ නිවැරදි ක්‍රියාවක් නොවන බව ප්‍රකාශ කළහ.
වටරැක විජිත හිමියන් විසින්ම තුවාල කරගෙන රෝහල් ගතකිරීමේ සිද්ධිය හා අලුත්ගම හා බේරුවලදී ඇතිවූ අවසනාවන්ත සිද්ධිය සම්බන්ධ කිරීමේ කුමන්ත්‍රණයක් දියත් වූ බවද ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කියා සිටියහ.