කොළඹ යුනියන් පෙදෙසේ ප්රසිද්ධ සූදු පොළක් පවත්වාගෙන යෑමට ඉඩ ලබාදුන්නේ යැයි චෝදනා ලැබ සිටි එම ව්යාපාරික ස්ථනයේ අයිතිකාරිය වන වජිරා නෙත්තිකුමාර නම් තැනැත්තිය අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
ඒ අනුව සැකකාරිය ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලදී. මීළග නඩු දිනය ජනවාරි මස 13 දිනට කල්තබන ලදී. සැකකාරිය අධිකරණයට ඉදිරිපත් වූයේ මෝසමක් ගොනු කිරීමෙන් අනතුරුවය.