වියළි කාලගුණය හේතුවෙන් වගාහානි සිදු වූ ගොවිජනතාවට සහ ජල හිඟකම හේතුවෙන් වගා කිරීමට නොහැකිවූ ගොවීන්ට වගා වන්දි ලබාදීම කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා සිදුකරන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා සඳහන් කළේය.
වගා හානි ගණනය කිරීම හා වගා නොකළ භූමි පිළිබඳ මේ දිනවල සමීක්ෂණ කටයුතු සිදුවන බවත්, සමීක්ෂණ කටයුතු අවසන් ප්‍ර‘දේශවල ජනතාවට වගාවන්දි ලබාදීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට මුදල් ප්‍රමාණයක් ලබාදී තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
එක් ගොවි පවුලකට රුපියල් 10,000 බැගින් මාස 04ක් සඳහා මෙම දීමනාව ලබාදෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.