වියළි කාලගුණයෙන් ආපදාවලට ලක්වූ ගොවි පවුල් සඳහා මසකට රුපියල් 10000 බැගින් වන්දි ලබාදෙන්නැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදළ අංශ වෙත උපදෙස් දුන්නේය. ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පිහිටුවා ආපදාවලට ලක්වූ ගොවි පවුල් පිළිබඳව විස්තර ලබාගෙන ඒවා පදනම් කරගනිමින් වන්දි ගෙවන ලෙසද ජනපතිවරයා සඳහන් කර තිබේ.
එසේම වන්දි ගෙවීම මාර්තු මස අග සිට යල කන්නය ආරම්භ වනතෙක් සිදුකරන ලෙසත් ජනපතිවරයා පවසා ඇත. නියං තත්ත්වය හේතුවෙන් කෘෂිකර්මාන්තයට සිදුවූ බලපෑම පිළිබඳ අංශ ප්‍රධානීන් හා ඊයේ (16දා) පැවැති සාකච්ඡාවකදී ජනපතිවරයා මෙම උපදෙස් දී ඇත.
එසේම නියඟයෙන් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් ඉදිරියේදී සහල් සහනාධාර ලබාදීමට නියමත අතර නිසි සංඛ්‍යාලේඛණ පිළිබඳ සැළකිලිමත් වෙමින් විධිමත් අයුරින් බෙදාහැරීමට කටයුතු කරන ලෙසත් ජනපතිවරයා මෙහිදී පැවැසීය.
ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි අර්බූදයට විකල්ප ලෙස පල්ලෙකැලේ, හම්බන්තොට, කුරුණෑගල, ගාල්ල ආදි ප්‍රදේශවල විදුලි උත්පාදන යන්ත්‍ර පිහිටුවන ලෙසද ජනපතිවරයා සඳහන් කළේය.
අඛණ්ඩ විදුලි සැපයීම සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබදෙන බවද ජනපතිවරයා පැවැසීය. මෙහිදී තෙත් කළාපයේ පුරං වී ඇති කුඹුරු වගා කිරීම පිළිබදවද අවධානය යොමු කර තිබේ.