ජලයට යටවීම නිසා වී වගා අක්කර එක්ලක්ෂ පනස්දහසකට අධික ප්රමාණයක් හා එළවළු, පලතුරු වගා භූමි අක්කර 50,000කට අධික ප්රමණයක් විනාශයට පත්ව තිබෙන බව වාර්තාවේ. විනාශයට පත් කුඹුරු වලට අමතරව වී වැපිරීම සඳහා සකස් කළ කුඹුරු අක්කර දසදහසකට වැඩි ප්රමාණයක් විනාශ වී ගොස් තිබෙන අතර එම භූමිවල වැපිරීම සඳහා සකස් කළ බීජ, වැපිරීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන බවද ගොවීහු සඳහන් කරති. විනාශයටපත් කුඹුරු වලින් බහුතර ප්රමාණයක වී වපුරා ගතවී ඇත්තේ කෙටි කාලයක් බවද ඔවුහු පෙන්වා දෙති.