මේ වනවිට වගා නොකර අත්හැර දමා ඇති කුඹුරු ඉඩම් සූර්ය බල විදුලි ජනන ව්‍යාපෘති සඳහා යොදා ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ විදුලි ඉල්ලුම වැඩි බස්නාහිර, සබරගමුව වැනි පළාත්වල සූර්ය බල විදුලි ජනනය සඳහා හොඳ විභවයක් පැවතියද ඒ සඳහා අවශ්‍ය ඉඩම් සපයා ගැනීමේ දුෂ්කරතා පවතී.
මෙයට විසඳුමක් වඔයෙන් බස්නාහිර හා සබරගමුව පළාත්වල පවතින වගා නොකර අත්හැර දමනු ලැබ ඇති කුඹුරු ඉඩම් ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා ගේ සහ අනෙකුත් බලධාරීන්ගේ එකඟත්වය සහිතව සූර්ය බල විදුලි ජනන ව්‍යාපෘති සඳහා යොදා ගැනීමට නියමිතය.
මෙගා වොට් 1 ක ධාරිතාවකින් යුත් සූර්ය බල විදුලි ජනන ව්‍යාපාතියක් සඳහා සාමාන්‍යයෙන් අක්කර 3ත් 5ත් අතර භූමි ප්‍රමාණයක් අවශ්‍ය වෙයි.