ඉඩම් ගොඩකිරීම සම්බන්ධයෙන් මහජනතාවගෙන් විශාල පැමිණිලි ප්රමාණයක් ලැබෙන බවත් ඒවා විසඳීමට නිලධාරීන් වහාම පියවර ගත යුතු බවත් ජනපති මෛත්රිපාල සිරිසේන මහතා පවසයි. එසේම එම වගකීම නිසි පරිදි ඉටු කර නොහැකිනම් වහාම සිය තනතුරින් ඉල්ලා අස්වෙන ලෙසද ජනපතිවරයා අදාළ නිලධාරින්ට පවසා ඇත.
ශ්රී ලංකාවට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් කෘෂිකර්මාන්තයට සිදුවූ හානිය පිළීබඳව සාකච්ඡා කිරිම සඳහා ජනපති නිල නිවසේදි ඊයේ පැවැති හමුවකදී ජනපතිවරයා මේ බව පවසා තිබේ.