වකුගඩු රෝග නිවාරණය සඳහා වකුගඩු සායන මධ්‍යස්ථාන ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ දැනට ඉදිකර අවසන් කර ඇති මධ්‍යස්ථාන 06 ක් මැයි මාසයේදී විවෘත කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
වැලිඔය, අරලගංවිල, පදවිය යන ප්‍රදේශවල එම මධ්‍යස්ථාන ඉදිකර ඇත.
එසේම තවත් මධ්‍යස්ථාන 06ක් වකුගඩු රෝගීන් බහුල ප්‍රදේශවල ඉදිකිරීමට නියමිතය.
පොළොන්නරුවේ ඉදිකිරීමට යෝජිත නව වකුගඩු රෝහලේ සක්‍යතා අධ්‍යයනයක් චීන රජය විසින් මේ වනවිට සිදුකර ඇති අතර, එම වාර්තාව ලැබුණු පසු ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බවද අමාත්‍යාංශය පැවසීය.
තවද හම්බන්තොට, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, යාපනය, හා මඩකලපුව යන රෝහල්වල වකුගඩු සායන වැඩිදියුණු කිරීමට නියමිත අතර, බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයද සංවර්ධනය කිරීමට තීරණය කර තිබේ.