වසරකට ලංකාවෙන් වාර්තාවන වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් කඩිනම් වාර්තා වහාම ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ් යඅමාත්යංශයට නියෝගකළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අද (07දා)නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේදී පැවැති අතර, වසරකට මෙරටින් වකුගඩු රෝගීන් පන්දහසක් පමණ වාර්තාවන බව මෙහිදී අනාවරණය විය. මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත අදාළ නියෝගය සිදුකළේය.
අදාළ වාර්තාව ජර්මනිය ඇතුළු වකුගඩු රෝගය පාලනය සඳහා ශ්‍රීලංකාවට සහාය ලබාදීමට ඉදිරිපත් වූ රටවලට කඩිනමින් ඉදිරිපත්කරන බවත්, පසුව එම රටවලද සහාය ඇතිව වහාම එය ක්රියාත්මන කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.
ආහාර ද්‍රව්‍යවලට යොදන රසකාරකයක් වන එම්.එස්.ජී.(MSG) රසකාරකය තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරියේදී කටයුතු කරන බවත් මෙහිදී අනාවරණය විය.