(VIDEO) උතුරු මැද පළාත තුළ ප්‍රධානතම ප්‍රජා සෞඛ්‍ය ගැටලුව වකුගඩු රෝගය යැයි පිළිගෙන තිබුණද එය වැලඳීමට හේතු සෙවීම සඳහා රජය මගින් මුදල් වියදම් කර පර්යේෂණ හා නොයෙකුත් ක්‍රමවේදයන් අනුගමනය කළද, වකුගඩු රෝගින් රැක බලාගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති බව පොළොන්නරු මහ රෝහලේ වකුගඩුරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රජිව් දිසානායක මහතා පැවසීය.
රජිව් දිසානායක මහතා මෙසේ පැවසුවේ මහනුවර වෛද්‍ය සංගමය මගින් පසුගියදා සංවිධානය කර පැවැත්වූ 38 වැනි සම්මේලනය අමතා වකුගඩු රෝගය ආශ්රිත දේශනයේ කරුණු මාධ්‍ය හමුවේ පහදා දෙමිනි.
උතුරු මැද පළාත තුළදීර්ඝ කාලයක් රාජකාරි කර ලැබුණු අත්දැකීම් අනුව රෝගයට අනුව නොයෙක් බැර ලෝහ වර්ග සොයාගියද මිනිසාගේ දරිද්‍රතාව,මන්දපෝෂණය වැනි දේවල්වලින්ද වකුගඩු රෝගය වැලඳීමට ඉඩකඩ ඇති බව සාක්ෂි ඇතුව තමා විසින් පෙන්වා දී ඇති බවද ඔහු සඳහන් කළේය.
වකුගඩු රෝගය වැලඳීමට හේතු සාධක සොයන අතරතුර මිනිසාගේ දරිද්‍රතාව,මන්දපෝෂණය වැනි දේවල් නැති කර දැමීමට ක්‍රමවේද යෙදිය යුතු බවදහෙතෙම වැඩිදුරටත් එහිදී පවසා සිටියේය.
VIDEO