රජයේ සංඛ්‍යාලේඛනවල කුමන ආකාරයකින් සඳහන් වුවද, කෘෂිකාර්මික ප්‍ර‘දේශවල පැතිර යන වකුගඩු රෝගය නිසා මේ වනවිට පුද්ගලයන් පනස්දහසක් මරණයට පත්ව ඇතැයිජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.
මීට අමතරව ස්ථිර වශයෙන්ම රෝගීන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් සිටින බවට තහවුරු වී තිබෙන බවත්, එසේ තිබියදී ග්ලයිෆොසේට් පූර්ණ වල්නාශක තහනම ඉවත් කළ බවත් උන්වහන්සේ පවසා සිටියහ.
ග්ලයිෆොසේට් පූර්ණ වල්නාශකය තහනම් කර තිබූ කාලයේදී මෙරටට ගෙන්වූ ග්ලයිෆොසේසෙට් කන්ටේනර් 32ක් වරාය තුළ රඳවාගෙන තිබෙන බවද ඒ හිමියෝ පවසා සිටියහ.
මෙම කාලය තුළ කොතරම් වල්නාශක ප්‍රමාණයක් ගෙන්වා තිබේද නොදන්නා බවත්, කෙසේ නමුත් කෘෂිකාර්මික ප්‍ර‘දේශවල පැතිර යන වකුගඩු රෝගයට ග්ලයිෆොසේට් සම්බන්ධ වන නිසා කැබිනට් මණ්ඩලයේ තීරණය ආපසු හැරවීම සඳහා ජනමතයක් ගොඩනගමින් තිබෙන බවත් රතන හිමියෝ අවධාරණය කළහ.
මේ රටේ ඇමතිවරුන් දෙදෙනෙකුට තිබූ ප්රශ්නය තේ සහ රබර් වගාවට ග්ලයිෆොසේට් නොමැතිවීම බවත්, එහෙත් මෙරට ගොවි ජනතාව ග්ලයිෆොසේට් පූර්ණ වල්නාශකය නොමැතිව වගා කටයුතු සිදු කරන බවත් උනවහන්සේ පවසා සිටියහ.