වකුගඩු රෝගීන්ට ලබාදෙන රුපියල් 3000 දීමනාව රුපියල් 5000 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.
අඩු ආදායම්ලාභී පවුල්වල වකුගඩු රෝගයට ලක්වූ පුද්ගලයෙකුට රුපියල් 3000ක මාසික දීමනාවක් රජය විසින් ලබා දෙනු ලැබේ. පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන එම මුදල රුපියල් 5000ක් දක්වා ඉහළ දැමීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.