වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින ඉන්දීය ජාතිකයන් මෙරටට පැමිණීමේදී භාවිත කරන ලද සෞඛ්‍ය වාර්තා ඇතුළු ඉන්දීය ලිපිලේඛන ව්‍යාජ ඒවා බවට හෙළි වෙමින් තිබේ.
අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ජාතිකයන් 8 දෙනා පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරන ලද දීර්ඝ විමර්ශනවලදී මේ බව හෙළිවී ඇති අතර අදාළ ව්‍යාජ ලියකියවිලි ඉන්දියාවේ සිට මෙන්ම ඇතැම් ඒවා ශ්‍රී ලංකාවේ සිටද සකසා ඇති බවට විශ්වාස කෙරේ.
වකුගඩු ජාවාරමට අදාළ ලියකියවිලි සැකසීමට යොදාගනු ලැබූ බවට විශ්වාස කරන ඉන්දීය මධ්‍යම රජයේ සහ ප්‍රාන්ත රජයන්ට අයත් රෝහල් සහ සෞඛ්‍ය ආයතන හා රාජ්‍ය ආයතන කිහිපයක නිල මුද්‍රා සේ යොදා ගන්නා ව්‍යාජ මුද්‍රා කිහිපයක්ද පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
පසුගිය 05 වැනි දින සහ 06 වැනි දින අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයන් 08 දෙනා කොළඹ අළුත්කඩේ අංක 1 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් මිරිහානේ පිහිටි විදේශීය ජාතිකයන් රඳවා තබන ස්ථානයේ රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන කටයුතු කරන ලෙසට අධිකරණය පොලීසියට නියෝග කළේය.
මේ අනුව ඉන්දීය ජාතිකයන් 08 දෙනා පසුගිය 08 වැනි දින විද්‍යාත්මක පරීක්ෂණයක් සිදුකිරීම සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කරනු ලැබිණ.
එහිදී මෙම 08 දෙනාගේ වකුගඩු ලබාගෙන තිබෙනවාද නැද්ද යන්න සහ වෙනත් අවයව ලබාගෙන තිබෙනවාද නැද්ද යන්න වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සිදුකර තිබෙන බවද වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම පුද්ගලයින් 6 දෙනෙකුගේ ශරීරයේ උදර ප්‍රදේශයේ පවතින කැපුම් තුවාල නිරීක්ෂණය වීම නිසා ඔවුන්ගේ ශරීරවලින් වකුගඩු ඉවත් කර ඇති බවට පොලීසිය සැක පළ කරයි.
සැකකරුවන් ගේ සෞඛ්‍ය පිළිබඳව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සිදුකළ වෛද්‍ය වාර්තාව අද හෝ ඉදිරි දින කිහිපය තුළදී පරීක්ෂණ පවත්වන කොළඹ අපරාධ කොට්ඨාසයට හෝ අධිකරණයට ලබා දීමට නියමිතව පවතී.
අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ජාතිකයන් සතුව තිබෙන බොහෝ ලිපිලේඛන ව්‍යාජ ඒවා බවට හෙළිදරව් වෙමින් පැවතීම නිසා අදාළ කරුණු තහවුරු කර ගැනීම සඳහා ඉන්දියානු පොලීසියේ හා රජයේ සහාය අවශ්‍යවී තිබේ.
ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකරගෙන යෑමට අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහයෝගය මත ජාත්‍යන්තර පොලීසියේ මැදිහත්වීම ලබා ගැනීමටත් අදාළ පරීක්ෂණ සඳහා ඉන්දීය පොලීසියේ සහයෝගය ලබාගැනීමට ද කොළඹ අපරාධ කොට්ඨාසය කටයුතු කරතිබේ.