වකුගඩු ජාවාරම පිළිබඳව සොයා බැලීමට පත් කළ පංච පුද්ගල කමිටු වාර්තාව වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලෙස සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි.
අදාළ වාර්තාවට අනුව යම් අකටයුත්තක් සිදුව තිබෙන බවට හෙළි වී තිබෙන නිසා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සහ වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් වන පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එය ලබාදිය යුතු බවද එම සංධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
එසේ නොමැති වුවහොත් එම පංච පුද්ගල වාර්තාවද හමස් පෙට්ටියට යා හැකි බව ඔහු පවසා සිටියේය.