වකුගඩු ජාවාරම සම්බන්ධ ඉදිරි කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා සිදුකෙරෙන බව ඇමති රාජිත සේනාරත්න මහතා පැවසීය. එමෙන්ම පංච පුද්ගල කමිටුවේ සභාපති දන්ත වෛද්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩා මහතා පැවසුයේ සිදුකළ විමර්ශනයට අනුව, වකුගඩු ජාවාරමට අදාළව නම් සඳහන් වූ ඇතැම් වෛද්‍යවරුන් පිළිබඳව අනාවරණය වී ඇති බවය.
වකුගඩු ජාවාරම පිළිබඳ සොයාබැලීම සඳහා පත්කෙරුණු පංච පුද්ගල කමිටු වාර්තාව භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මේ බව කීය.