වකුගඩු රෝගීන්ට අවශ්‍ය ඖෂධ අඩුවකින් තොරව ගුවන් මගින් ගෙන්වා රෝහල් වෙත ලබාදෙන ලෙස ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව හිඟ ඖෂධ ලබන බ්‍රහස්පතින්දා වනවිට ගුවන් මගින් ගෙන්වීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතා පවසයි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (06දා) අනුරාධපුර ශික්ෂණ රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මෙම අදහස් පළ කළේය.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ වකුගඩු රෝගීන්ට ලබාදෙන ඖෂධ හිඟයක් පිළිබඳව පුවත්පත් වාර්තා පළ කළ තිබුණ බවත්, උතුරු මැද පළාතේ රෝහල්වල අනුරාධපුර පමණක් වකුගඩු රෝගීන් 21,000 ක් සිටින බවත්, වන් ඇල්ෆා ඖෂධය මාස දෙකක සිට හිඟයක් පවතින බවයි.
වකුගඩු රෝගීන්ට ලබාදෙන හිඟ ඖෂධ ගුවන් මගින් බ්‍රහස්පතින්දා වනවිට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. වකුගඩු රෝගීන්ට ලබාදෙන ඖෂධ හිඟවීමට ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කිරීම විදේශ රටවලින් ආනයනය කිරීම වැනි හේතු ගණනාවක් බලපානු ලබනවා යැයිද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.