විමර්ශනවලට ලක්වන පුද්ගලයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ බැංකු ගිණුම් සහ වත්කම් ප්රකාශ පූර්ව අනුමැතියකින් තොරව පරීක්ෂා කිරීමේ බලයලැබෙන පරිදි බරපතළ වංචා සෙවීමේ ජනාධිපති කොමිසම වෙත අතිරේක බලතල ලබාදෙමින් අතිවිශේෂ ගැසට්පත්රයක් නිකුත්කර තිබේ.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ නියෝගය පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් පෙරේදා(01දා) දිනයේදී එය නිකුත්කර තිබේ.
පසුගිය රාජ්ය පාලන සමයේ බරපතළ වංචා සහ දූෂණ ක්රියාවල නියැළුණු අය හෙළිකරගැනීම සඳහා කරනු ලබන පරීක්ෂණ කටයුතු ඔවුන්ගේ බැංකු ගිණුම් හා වත්කම් පිළිබඳ තොරතුරු පරීක්ෂා කිරීමට නොහැකිවීම නිසා දිගින් දිගටම කල් යන බවට ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් පෙරේදා (01දා) සිට බලපැවැත්වෙන පරිදි මෙම ගැසට් පත්රය නිකුත් කර ඇත.