වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව පවත්වන විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා ඇත. මේ හේතුවෙන් ලේක්හවුස් වටරවුම ආශ්රිතව දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ. විරෝධතාකරුවන් ජනපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරිම වැළැක්වීම සඳහා මෙසේ ලෝටස් පාර වසා දමා ඇත.