ජාත්‍යන්තර කාත්නා පොලිස් සංවිධානය විසින් පිරිනමනු ලබන International Recognition and Scholarship සම්මානය මෙවර හිමිවී තිබෙන්නේ ශ්‍රී ලංකා පොලීසියේ සහකාර පොලිස් අධිකාරී විමති පෙරියප්පෙරුම මහත්මියටයි.
මෙම සම්මානය මෙතෙක් ශ්‍රී ලාංකික පොලිස් කාන්තාවක් විසින් දිනාගෙන නොමැති අතර, අදාළ සම්මානය අගෝස්තු මස අවසානයේදී එක්සත් රාජධානියේ වේල්ස්හි කාඩිෆ්හි පැවැත්වෙන සම්මාන පිරිනැමීමේ උලෙළේදී ලබාදීමට නියමිතය.
ලෝකයේ සියලුම පොලිස් ස්ථානවල කාන්තා නිලධාරිනියගේ කාර්යක්ෂමතාව, දක්ෂතාව සලකා බලමින් මෙම සම්මානය පිරිනැමීම සිදුවේ.