ලෝකයේ ප්රමුඛ පෙළේ හොටල් ජාලයක් වන RIU හෝටල් ජාලයේ නවතම ශාඛාව හෙට (05දා) ශ්රී ලංකාවේ අහුන්ගල්ලේදී විවෘත විමට නියමිත බව එම සමාගම පවසනවා.
කාමර 500කින් සමන්විත මෙම හෝටලය ශ්රී ලංකාවේ බෝහෝ දෙනෙකු රැකියා අවස්ථා හිමිකර දෙන අතරම විවිධ වක්ර රැකියා අවස්ථා ගණනාවකුත් නිර්මාණය කරනු ඇති.
ස්පාඤ්ඤයේ සිට ක්රියාත්මක RIU හෝටල් ජාලය ලොව පුරා විවිධ රටවල සිය ශාඛා පිහිටුවා තිබෙනා.තරු පහ වර්ගයට අයත් මෙම හෝටලය මුහුදට මුහුණපා පිහිටා තිබෙනවා.
එම සමාගම ආසියාවේ ආරම්භ කළ පළමු ශාඛාවද මෙය වෙනවා. ඔවුන්ට ශ්රී ලංකාවේ ශාඛාවද ඇතුළුව මේ වන විට ශාඛා 41ක් තිබෙනවා.