යුද්ධය, ගැටුම් හෝ වධහිංසා හේතුවෙන් උන්හිටි තැන් අහිමි වූ ලෝක ජනගහනය 2014 වසරේදී වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එම සංවිධානයේ, සරණාගත ඒජන්සිය විසින් නිකුත් කර ඇති වාර්තාවකට අනුව මිලියන 60කට වැඩි ජනතාවකට 2014 වනවිට උන්හිටි තැන් අහිමි වී තිබේ.
එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඊට පෙර වසරට සාපේක්ෂව මිලියන 8.3ක් වැඩිපුර පිරිසකට මෙසේ තම ගම්බිම් අතහැර පළා යාමට සිදුව ඇති බවයි.
මේ ආකාරයෙන් සරණාගත ප්රශ්නය ප්රබල ලෙස ඉහළ යෑම සඳහා පසුගිය කාලයේ සිරියාවේ පැවති ගැටුම්කාරී තත්ත්වය ප්රධාන හේතුවක් වී තිබේ.
එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ ප්රධානී අන්තෝනියෝ ගුටේරස් පවසා සිටින්නේ ලෝකය මේ වනවිට මහා අවුල් ජාලයකට පත්ව ඇති බවයි.