ලෝකයේ විශාලම සාගර අභ්‍යාසය වශයෙන් සැලකෙන රිම් ඔෆ් ද පැසිෆික් (RIMPAC) අභ්‍යාසය සඳහා ප්‍රථමවරට ශ්‍රී ලංකාව එක්වන බව අමෙරිකාවේ ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනය සඳහන් කරයි.
ඇමෙරිකාව විසින් සංවිධානය කරනු ලබන මෙම සාගර අභ්‍යාසය ජුනි 27 වැනිදා සිට අගෝස්තු 02 වැනිදා තෙක් හවායි දූපත්වල හා දකුණු කැලිෆෝනියාවේදී පැවැත්වෙයි.
අභ්‍යාසය සඳහා රටවල් 26ක් එක්වන අතර, එයට නැව් 47ක්, සබ්මැරීන් 05ක්, රටවල් 18ක සංග්‍රාමික හමුදා, ගුවන් යානා 200කට අධික ප්‍රමාණයක් සහ පුද්ගලයන් 25,000ක් එක්වන බවද පෙන්ටගනය සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවට අමතරව බ්‍රසීලය, ඊශ්රායලයහාවියට්නාමයප්රථමවරටමෙමඅභ්යාසයසඳහාඑක්වඇත.
ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, බෘනායි, කැනඩා, චිලී, කොලොම්බියා, ජර්මනිය, ඉන්දුනීසියාව, ජපානය, මලයාසියාව, ප්‍රංශය, මෙක්සිකෝව, නෙදර්ලන්තය, නවසීලන්තය, පේරු, දකුණුකොරියාව, පිලිපීනය, සිංගප්පූරුව, තාලියලන්තය, ඉන්දියාව, ටොංගෝව හා එක්සත් රාජධානිය යන රටවල් මෙම අභ්‍යාසයට එක්ව තිබේ.
මෙවර අභ්‍යාසයේදී සජීවී මිසයිල ප්‍රහාර එල්ල කරන කරන බවත් එයට ඇමෙරිකාව හා ජපානය එක්වෙන බවත් පෙන්ටගනය වාර්තා කර තිබේ. මෙම අභ්‍යාසය 1971 වසරේදී පටන් සිදුකරගෙන යයි.
මෙම ප්‍රධාන අණදෙන නිලධාරියා ලෙස අමෙරිකාවේ වයිස් අද්මිරාල්වරයෙකු වන ජෝන් ඩී. අලෙක්සැන්ඩර් කටයුතු කරන අතර, රාජකීය කැනඩා නාවික හමුදාවේ රියර් අද්මිරාල් බොබ් අවුච්ටෙර්ලෝනී නියෝජ්‍ය අණදෙන්නා ලෙසත්, ජපාන ස්වයං වෙරළාරක්ෂක බළකායේ රියර් අද්මිරාල් හිඩෙයුකි ඔබාන් උප අණදෙන නිලධාරී ලෙසත් කටයුතු කරනු ඇත.