ප්‍රබල මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත්වෙමින් පවතින ආඝාත රෝගය පිළිබඳව ලෝක ජනතාව දැනුවත් කෙරෙන ලෝක ආඝාත දිනය අද (29) යෙදී තිබේ. ආඝාතය අති දරුණු ව්‍යවසනයක් වන අතර අංශභාගය මෙහි ප්‍රධානතම රෝග ලක්ෂණය වී ඇති බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.
ලොව පුරා ආඝාත රෝගී තත්ත්වයෙන් වසරකට මිනිස් ජීවිත මිලියන 5.7ක් මරණයට පත් වේ. වැඩිහිටියන් ආබාධිත ත්ත්වයට පත්වන ප්‍රධාන සාධකය වන්නේ ආඝාතයයි. අධි රුධිර පීඩනය, අධික කොලොස්ටරෝල්, තරබාරුව, දියවැඩියාව, හෘදරෝග යන රෝගී තත්ත්වයන් වසංගතයක් ලෙස මහජන සෞඛ්‍යයට තර්ජනයක් වී ඇත. සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආහාර භාවිතය, දුම් පානය, ශාරීරික ව්‍යායම අඩුකම ආදී කරුණු ආඝාතය ඇති වීමට මූලික හේතු බව හඳුනාගෙන ඇත.
වසර 2015 වනවිට ආඝාතයෙන් සිදු වන මරණ සංඛ්‍යාව මිලියන 6.7ක් දක්වා ඉහළ අගයක් ගනු ඇතැයි ශ්‍රී ලංකා ජතික අඝාත සංගමය පවසයි. ආඝාත ත්ත්වයෙන් මිදීමට නිසි ක්‍රියාමර්ග අනුගමනය කළහොත් ඉදිරි වසර 10 තුළ මිනිස් ජිවිත මිලියන 07ක් බේරාගැනීමට හැකියාව ඇති බවද ආඝාත සංගමය පවසයි.
ශ්‍රී ලංකවෙන් ආඝාතය තුරන් කිරීම සඳහා සුවිශේෂී වැඩසටහන් රැසක් සෞඛ්‍ය අමාත්‍යාංශයත්, ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමයත් අත්වැල් බැදගනිමින් සිදු කරමින් පවතී.
මේඅතර හදිසි මරණයක් ඇතිවන්නට බලපාන ප්‍රධාන රෝගයක් ලෙස ආඝාතනය ලෝකයේ ඉහළ තැනකට පැමිණ තිබෙන බවත් රට තුළද ආඝාතය රෝගයේ වැඩිවීමක් දක්නට තිබෙන බවත් ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය උදය රණවක මහතා පැවසීය.
ලෝක ආඝාත දිනය වෙනුවෙන් පැවැත්වූ විශේෂ මාධ්‍ය සම්මන්ත්‍රණයට සහභාගීවෙමින් වෛද්‍යවරයා මේ බව සඳහන් කළේ ය. කොළඹ, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දී පසුගියදා මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි.
ලෝක ජනගහනයෙන් පුද්ගලයින් හයදෙනෙකුගෙන් එක් අයෙකුට ආඝාතය ඇතිවිය හැකියි.සෑම තත්ත්පර දෙකකට වරක් පුද්ගලයන් දෙදෙනෙකු ආඝාතනයට ගොඳුරු වෙනවා.
මරණය සිදුවන ප්‍රධාන රෝග අතරින් දෙවැනි තැන හිමිව තිබෙන්නේ, ආඝාතයටයි.ආඝාතය ඇතිවන්නේ මොළයේ ලේ සැපයීමේ සිදුවන කිසියම් අවහිර වීමක් නිසයි.හදිසි මරණයක් ඇතිවන්නට බලපාන ප්‍රධාන රෝගයක් ලෙස ආඝාතනය ලෝකයේ ඉහළ තැනකට පැමිණ තිබෙනවා.
විශාල ප්‍රමාණයක් හෘදයාබාධ නිසා මිය යන්නේ නෑ.ආඝාතනයක් ඇති වූ විට එම රෝගියාගේ පවුලටම බලපානවා.ආඝාතය නිසා කෙනෙකු අංශභාග තත්ත්වයට පත්වීමට හැකියාව වැඩියි.
ආඝාතය ඇතිවීමට ප්‍රධාන වන්නේ, අධිරුධිර පීඩනය, දියවැඩියාව, සහ කොලෙස්ට්‍රරෝල් තත්ත්වයයි. ආඝාතයෙන් මිදීමට නම්, නිරෝගිමත් ආහාර වේලක් ගැනීම, ක්‍රියාකාරී දිවි පැවැත්මක්,බර අඩුකරගැනීම සහ දුම් පානයෙන් වැළකී සිටීම සිදු කළ යුතුයි.
රටේ ආඝාතය ඉහළ මට්ටමකට පැමිණ තිබෙනවා.ජනගහනයට සාපේක්ෂව සියයට 1%ක් ආඝාත තත්ත්වයට පත්ව සිටිනවා.අංශභාගය ආඝාතයේ එක් රෝග ලක්ෂණයක් පමණයි. රටේ සිටින්නේ ස්නායු රෝග විශේෂඥයින් 36ක් පමණයි.ආඝාත රෝගයට පුහුණුව ලත් අය අඩුයි.ආඝාත ඒකක තිබෙන්නේ 10ක් පමණයි. මේ දේවල් වෙනස් විය යුතුයි යැයි ද වෛද්‍ය උදය රණවක මහතා පැවසී ය.