ලෝක සෞඛ්‍ය සමුළුවේ 69 වන සැසිවාරය සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඇතුළු නියෝජිත පිරිසක් ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර බලා පිටත්ව ගිය බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
“තිරසර සංවර්ධනය සදහා 2030 සැළැස්මට ලෝකය සුදානම් කිරීම” යන තේමාව යටතේ පැවැත්වෙන එම සමුළුව හෙට (23) සිට ලබන 28 වනදා දක්වා ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවර දී පැවැත්වීමට නියමිතය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල්වල නියෝජිතයින් මෙම සමුළුවට සහභාගි වන අතර සංවිධානයේ ප්‍රතිපත්ති පිළිබඳ තීන්දු ගැනීම, මූල්‍ය ප්‍රතිපත්ති සැළස්ම සහ වැඩසටහන් අයවැය සළකා බලා අනුමැතිය ලබාදීම මෙවර සමුණවේ ප්‍රධාන අරමුණු වේ.