(UPDATE) ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායමට ජනතා ප්‍රසාදය ලබා දීම ඔවන්ව ගෝල් ෆේස් පිටියට රැගෙන එන රථ පෙරහර කටුනායකින් ගමන් ඇරඹීය. පරණ මීගමු පරෙන් මෙම රථ පෙරහර ගමන් කරනු ලබන අතර සීඳුව, කඳාන, මහබාගේ, හැඳල, වත්තල, පෑලියගොඩ, ඔරුගොඩවත්ත, බොරැල්ල, කනත්ත වටරවුම, බෞද්ධාලෝක මාවත, බම්බලපිටිය හා ගාලුපාරෙන් පස්වරු 7.30ට පමණ ගෝල්ෆේස් පිටියට පැමිණීමට නියමිතය.
මෙම ප්‍රදේශවල සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ට මග දෙපස රැඳී සිටිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පතන්නට එක්වන ලෙස ක්‍රිකට් ආයතනය ඉල්ලා සිටියි.
------------------------------------------------------------------------------------------------------
පන්දුවර විස්සයි20 ලෝක කුසලානය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුලු මොහොතකට පෙර ශ්‍රී ලංකන් ගුවන් යානයකින් කටුනායක ඡාත්‍යන්තර ගුවන්තොටුපොළොන් දිවයිනට පැමිණියේය.