ලෝකයේ දිගම අයවැය කථාව ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායන මහතා ලෝක වාර්තාවක් තැබු බවත් ඒසඳහා තමන් මුදල් අමාත්‍යවරයාට සුබ පතන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහස්පෙරුම මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසීය. නොනවත්වා එකදිගට සිදුකළ අයවැය කතාව ලෙස මෙය ඉතිහාසගතවනු ඇතිබවද ඔහු සදහන් කළේය. එමෙන්ම ඊයේ(20) පාර්ලිමේන්තුවට පැමිණි තනාපතිවරුන්ද තමන්ට පැවසුවේ මෙය නොනවත්වා පැවැත්වු දිගම කතාව වනු ඇතිබවය. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ(20) පාර්ලිමේන්තුවට අයවැය යෝජනාව ඉදිරිපත් කිරීම ප.ව 2.04 පමණ ආරම්භකළ අතර ඔහු එය අවසන්කරන ලද්දේ ප.ව. 6.25 ටය. අයවැය යෝජනාවේ ඇතැම් කරුණු සභාගත කරමින් ද අයවැය කථාව සිදුකළද එතරම් කාලයක් ගතවිය.