මහජනතාවගේ විශ්වාසය නැවත ගොඩනැගීම සඳහා ජනතාවට වගකියන මාධ්‍යයක් වෙනුවෙන් මාධ්‍ය ක්ෂේත්රයේ සංවර්ධනය සඳහා සකස් කළ වාර්තාව අද (03දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වීමට නියමිතය. ලෝක ජනමාධ්‍ය දිනයද අදට (03දා) යෙදී තිබේ.
වසරකට ආසන්න කාලයක් තුළ සිදුකළ පර්යේෂණයකින් අනතුරුව මෙම වාර්තාව එළිදැක්වෙන අතර, එයට මාධ්‍ය වෙනස් විය යුතු ආකාරය පිළිබඳ කරුණු 100 ක් ඇතුළත් වෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත යුනෙස්කෝ සංවිධානයේ මාධ්‍ය සංවර්ධන දර්ශකයේ සඳහන් රාමුව යටතේ මෙම වාර්තාව සකස් කර තිබේ.
ඩෙන්මාර්කයේ පිහිටා ඇති ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගිතා ආයතනයේ සහාය ඇතිව ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණය සඳහා වූ ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය මෙම වාර්තාව එළිදක්වයි. කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ පැවැත්වෙන උත්සවයේ ප්‍රධාන දේශනය තායිලන්තයේ 'ද නේෂන්' පුවත්පතේ හිටපු කර්තෘ කවි චොන්ග්කිට්ටවොර්න් මහතා විසින් පවත්වනු ලබයි.
විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.